hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:12



ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා ලබා සිටින, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව, සැප්තැම්බර් 26 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය අගෝස්තු 23 වන දා ඔහුට නියෝග කර තිබුණි.

කෙසේ වෙතත්, අර්ජුන් මහේන්ද්‍රන් එම අධිකරණ නියෝගයට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඒ අනුව ඔහුව මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර වන ජාත්‍යන්තර පොලිස් වරෙන්තුවක් නිකුත් කිරීම සඳහා අවශ්‍ය වාර්තාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රමාදයකින් තොරව අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙම නීතිමය ක්‍රියාමාර්ගය විශේෂයෙන් වැදගත් වන්නේ, අර්ජුන් මහේන්ද්‍රන්ට රටින් පිටවීමට අවස්ථාව ලබා දුන්නේ යැයි ඇතැම් පාර්ශ්ව විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට චෝදනා එල්ල කළ පසුබිමක් තුළ වීමයි.

අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට අල්ලස් කොමිසම කටයුතු කරමින් සිටීම මෙම සුවිශේෂී වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: