hit counter

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 27, පෙ.ව. 12:12



ආන්දෝලනයට පත් පලමු ගල් අඟුරු නැව වෙනුවෙන් රු. මිලියන 650ක පමණ දඩ මුදලක් ලැබුණු බව බලශක්ති නි. අමාත්‍ය අර්කම් ඉල්යාස් පවසයි.

එම නැවෙන් සිදුව ඇති පාඩුව පියවා ගැනීමට වැයවූයේ ඩොලර් මිලියන පන්සිය ගණනක් බවද ඔහු පෙන්වා දෙයි.

එහෙත් දෙවන නැවේ සිට අටවන නැව දක්වා පැටවුම් සහ ගොඩබෑ වරායවල ප්‍රමිති වාර්තා සමත්ව බලාගාරයේ විදුලි නිෂ්පාදනය පහත වැටී ඇතැයිද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ඒ සඳහාද දඩ මුදල් නියම කළද එම මුදල ගල් අඟුරු ප්‍රමිතිය බාලවීම නිසා සිදුවන මූල්‍ය පාඩුවට වඩා අඩු බවද හෙතෙම සඳහන් කරයි.

මේ නිසා අදාළ ගල් අඟුරු නැව්වල සාම්පල් නැවත පර්යේෂණාගාරයකට යොමුකර ප්‍රමිතියේ ගැටලුවක් ඇත්නම් දඩ මුදල් අයකරගන්නා බවත් එය බලාගාරයේ අඩුපාඩුවක් නිසා සිදුව ඇත්නම් ආණ්ඩුවට කළ හැකි දෙයක් නොමැති බවද නි. අමාත්‍ය අර්කම් ඉල්යාස් අවධාරණය කරයි.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් ඔහු මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: