hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 19, පෙ.ව. 12:04



යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින්ට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අප්‍රේල් මස (20) වන දින සිට 2024 මැයි මස (20) වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව 2024 අප්‍රේල් මස (02) දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකල නිලධාරි හා සෙසුනිලයින් පහත සඳහන් ලිපි ලේඛන සමගින් තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් රපෝර්තු කළ යුතුය.

වෙනත් කිසිදු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති, නීත්‍යානූකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත්වීමකින් තොරව විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින්ටද නැවත රපෝර්තු කිරීමකින් තොරව මෙම පොදු සමා කාලය තුළදී නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීමට පහසුකම් සලසා දී ඇත.

1.යුද හමුදා හැඳුනුම්පත (යුද්ධ හමුදා හැඳුනුම්පත අස්ථානගතව ඇත්නම් මෑතකදී ලබාගන්නා ලද පොලිස් වාර්ථාවක පිටපතක්)

2.ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්.

3.වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක්.

4.අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායාස්ථ පිටපතක් (ඇත්නම් පමණක්)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: