hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 29, පෙ.ව. 12:03



ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 38දෙනාට අවශ්‍ය සියලුම ආරක්ෂාව මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පවසයි.

පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ද ඒ මහතා කියා සිටී. එක් එක් අපේක්ෂකයන්ට ඒලලවී තිබෙන තර්ජන සැලකිල්ලට ගෙන මෙම ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවත් කිසිම අපේක්ෂකයකුට අසාධාරණයක් නොවන ආකාරයෙන් එම කටයුත්ත කර ඇති බවත් අසංක කරවිට මහතා වැඩිදුරටත් කියා සිටියේය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පෙළේ අපේක්ෂකයන්ට වැඩි ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය කටයුතු කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: