2023 ජූනි 19, පෙ.ව. 10:01
ඩුබායි හි රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කකර දී පුද්ගලයින් රැසක් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකු මහනුවර පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් ඊයේ (18) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකරු සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ හලීම් මහතාගේ සොහොයුරෙකු බව පොලීසිය පවසනවා.
සැකකරු ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි තුනක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් එම වීසා බලපත්‍ර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට යොමුකර සිදුකළ විමසීමක දී ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර බව තහවුරු කර තිබෙනවා.
මහනුවර මූලස්ථාන පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්.උවින්දසිරි මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක සංජීව, පොලිස් සැරයන් (81992) හෙට්ටිආරච්චි, පොලිස් කොස්තාපල් (81992) නුවන් යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මහම්මදු හාෂීන් අලීම් මහම්මුදු රාසික් (58) නැමැති සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මහනුවර – කමල් සුරවීර
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06