2023 ජූලි 21, ප.ව. 12:29
සියලු රජයේ රෝහල් සුරක්ෂිත බවත්, රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය වගකීමෙන් බැඳී සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කළේ, ඖෂධවල ගුණාත්මකභාවය මෙන්ම ප්‍රමිතිය පිළිබද රෝගීන්ට සහතික වන අතර රෝහල්වලට පැමිණීමට බිය නොවිය යුතු බවයි.
තවද හෙද කාර්ය මණ්ඩලය කිසිම විටක රෝගී ජිවිත අනතුරට පත් නොකරන බවත්, පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට කිසිදු රෝගී ජිවිතයක් හිතාමතා අවධානමට පත් නොකළ බවයි ඔහු සඳහන් කළේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය ප්රමුඛ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය හැමවිටම කටයුතු කරන්නේ සෑම රෝගියකුගේම ජීවිත බේරාගැනීමට බවයි.
කෙසේ වෙතත් යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එම අවස්ථාවේ රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්නොකර ජීවිත සුරක්ෂිත කිරීමට පුහුණු වැඩසටහනක් එලඹෙන 24 වැනිදා මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු සහ හෙදියන්ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
2024 දෙසැම්බර් 23, ප.ව. 5:10
2024 දෙසැම්බර් 23, ප.ව. 4:55
2024 දෙසැම්බර් 23, ප.ව. 4:06
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34