hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2025 පෙබරවාරි 01, පෙ.ව. 12:07



අස්වැසුම රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය තීරණය කර තිබෙනවා.

ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා දත්ත පද්ධතියේ දෝෂ පැවතීම හේතුවෙන් බොරු ප්‍රකාශ කරන පුද්ගලයාට අස්වැසුම ප්‍රතිලාභියෙක් ලෙස ඇතුළත් විය හැකි බවයි එහි සභාපති නන්දන රණසිංහ පවසන්නේ.

එම දෝෂ නිවැරදි කරන ලෙස පසුගිය රජයට ප්‍රකාශ කළ බවත් වත්මන් රජයද එය නිවැරදි කිරීමට කටයුතු නොකරන බවත් එයට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය දියත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: