hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:08



සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන ඇත්තේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලැබීමට ඇති තැනැත්තන්ගේ නාම ලේඛනය වාර්ෂිකව යථාවත් කිරීම සඳහා වූ කාලසීමාව දීර්ඝ කිරීමටයි. 

තවද නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පසුගිය මස 10 දින සිට මෙම මස 10 වැනි දිනය දක්වා ලබා දී තිබූ කාලය මෙම මස 31 දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බවය.

ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඒ අනුව සුදුසුකම් ලැබූ සහ නොලැබූ පවුල් සහ තැනැත්තන්ගේ නාම ලේඛනයේ ලියාපදිංචි වූ අස්වැසුම පළමු අදියරට අදාළව දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල් සහ තැනැත්තන් සිට තොරතුරු යථාවත් කිරීම සඳහා එම කාලසීම තුළ පියවර ගන්නා ලෙසයි .

අස්වැසුම ගැන ඇහෙන අලුත්ම ආරංචිය | Deadline Extended For Relief Beneficiary List




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: