2023 ජූලි 28, ප.ව. 2:45
අනුරාධපුර රාජාංගන Aura Lanka අධිපති හා කෝටිපති ව්‍යාපාරික විරාජ් රංජිත් තාඹුගල විසින් රාජාංගන පොලිසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන එල්ල කොට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ බවත් ඔහු උසාවියට ඉදිරිපත් කිරීමේදී පොලිස් නිලධාරීන් මුදලට යටවී අක්‍රමිකතා රැසක් සිදුකළ ඇති බවත් ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළා.
මෙහිදී ඔහු පොලිසියේ උසස් නිලධාරියෙක් මුදල් ලබා ගැන මෙම කටයුත්ත කර ඇති බවත් ඒ පිළිබඳ තමා සතු සාක්ෂි ඇති බවත් ඒ පිළිබඳ මුදල් ලබා දීමේ පිළිබඳව ඡායාරූපය හා අවශ්‍ය සාක්ෂි තමා සතුව තිබෙන බව ඔහු ප්‍රකාශ කර සිටියා.
තමන්ගේම පොලිස් නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කරද්දිත් පොලිසිය කටයුතු කරන ආකාරය කනගාටුදායක බවත් පොලිසිය සාමාන්‍ය ජනතාවගේ ගැටලු කොයි ආකාරයෙන් විභාග කරනවා ද කියා සිතා ගත හැකි බවත් මේ පිළිබඳව අදහස් දැක්වූවා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03