hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 27, පෙ.ව. 9:07



මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාවන්දියා මුදුෂානි සිය පළමු දරුවා ප්‍රසූත කිරීම සඳහා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණේ පසුගිය 22 වැනිදායි.

මධුෂානි රෝහල් ගත කළ දිනයේම රාත්‍රියේ සිය කුළුඳුල් දරුවා ප්‍රසූත කළ නමුත් ප්‍රසූතියේදී දරුවා මිය ගොස් ඇති බව රෝහල් බලධාරීහු පවසා ඇත.

මියගොස් ඇති බිළිඳියගේ මව එම රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පෞද්ගලික වෛද්‍ය සායනයකට සම්බන්ධ වී ඇති අතර ඒ අනුව දරු ප්‍රසූතිය සඳහා මාතර නව දිස්ත්‍රික් රෝහල රෝහල තෝරාගෙන ඇත.

පෞද්ගලික සායනයේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණ මෙන්ම දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් කළ දිනයේ සිදුකළ ස්කෑන් පරීක්ෂණයෙන් ද දරුවා කුස තුළ නිරෝගීව සිටින බව තහවුරු වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් ප්‍රසූතියේදී මියගිය දරුවාගේ සිරුර පෙන්වීමට එහි කාර්ය මණ්ඩලය කිසිදු පියවරක් නොගත් බවට දරුවාගේ පවුලේ අය චෝදනා කරයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය කරන ලද පරස්පර ප්‍රකාශ තුනක් පිළිබඳව දැඩි සැකයක් පවතින බව ඔවුහු පවසති.

මාතර මහ නගර සභාවට රුපියල් 2500ක් ගෙවා ආදාහන කුවිතාන්සිය රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන එන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ඥාතීන්ගෙන්ට සිදුකළ දැනුම්දීමකට අනුව අදාළ මුදල නගර සභාවට ගෙවීමටද ඔවුන් පියවර ගෙන ඇති නමුත්ද බිලිඳාගේ දේහය පියාට හෝ නොපෙන්වා මිහිදන් කිරීම සම්බන්ධයෙන් ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කළ විට ඔවුන් පවසා ඇත්තේ, මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවයි.

මියගිය දරුවාගේ ඥාතීන් දේහය ලබා ගැනීමේ අරමුණින් ඊයේ (25) රාත්‍රිය වනතුරුම රෝහලේ රැඳී සිටියද දේහය පිළිබඳ අවසන් ප්‍රකාශයක් ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිවකු අපොහොසත්වී ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: