2023 ජූනි 03, ප.ව. 1:13
ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් “බිළිඳුන් භාර ගැනීමේ කවුළු” ආරම්භ කිරීමේ වැඩසටහන දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියක් හේතුවෙන් තාවකාලිකව නතර කර දමා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය බාධා කිහිපයක් මතු වී ඇති බව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේ අධිකරණ ඇමතිවරයා සඳහන් කර ඇති බව ද හෙතෙම සදහන් කළා.
රට තුළ දරුවෙකු අතහැර දමා යාම දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් යැයි සඳහන් කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තිය සංශෝධනය කිරීම සඳහා කටයුතු කිරීමට මේ වන විටත් කමිටුවක් පත්කර ඇතැයි ඔහු සඳහන් කළා.
දණ්ඩ නීති සංග්‍රහයට අනුව රට තුළ දරුවෙකු අතහැර දමා යාම දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් ලෙස හඳුන්වා දී තිබෙන පසුබිමක මෙලෙස “බිළිඳුන් භාර ගැනීමේ කවුළු” ආරම්භ කිරිමෙන් ගැටලු රාශියක් නිර්මාණය වන බවත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා යම් ආකාරයකින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරනු ලැබුවහොත් බරපතළ තත්ත්වයක් උද්ගතවනු ඇති බවත් ඔහු පැවසුවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05