hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 10, පෙ.ව. 1:08



ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිසේරියන් සැත්කමකින් උපත ලබා පසුව ගම්පහ රෝහල වෙත මාරු කර ඒවා එම රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දින 22ක් වයස පිරිමිදරුවා තමන්ගේ නොවන බව එම සිරුර ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ දී ඊයේ (09) පරීක්ෂාකර බැලූ අඹුසැමි යුවළක් දැනුම් දුන් බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසනවා.

ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා රෝහල් මෘත ශරීරාගාරයට ඊයේ පැමිණ ළදරු මළ සිරුර පරීක්ෂාකර බලා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වනු ලැබුවා.

අඹුසැමි යුවළ මෙම ළදරු මළ සිරුර පරීක්ෂා කර බලනු ලැබුවේ මෙම අවස්ථාවේදීයි.

මියගොස් සිටින්නේ තමා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී බිහි කළ දරුවා නොවන බව මව පැවසීමෙන් පසු මළ සිරුර ඩී. එන්. ඒ. පරීක්ෂාවකට ලක්කර මෙම ළදරුවාගේ සැබෑ මවුපියන් කවුරුන්ද යන්න තහවුරු ගැනීමට කටයුතු කරගෙන යන බව පොලීසිය සඳහන් කළා.

මෙම කාන්තාවගේ සැමියා ද සිරුර පරීක්ෂාකර බලා එය තමාගේ බිරිඳ බිහි කළ දරුවා නො වන බව පැවසීයැයි පොලිසිය සඳහන් කළා.

සිරුර ඩී.එන්.ඒ පරීක්ෂාවකට ලක් කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝගයක් කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගෙවන වාට්ටුවකට දරු ප්‍රසූතියක් සඳහා පසුගිය මැයි මස 29 වෙනිදාඇතුලත්වී සිසේරියන් සැත්කමකින් දරුවකු බිහි කළ බවත්පොලිසිය පැවසුවා.