hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 24, පෙ.ව. 3:06



ගාල්ල බන්ධනාගාරයේ මාරාන්තික මෙනින්ගොකොකල් බැක්ටීරියා ආසාදනය පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෝමරත්න කෝනාර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, මෙනින්ගොකොකල් බැක්ටීරියා ව්‍යාප්තිය තවදුරට ත් වර්ධනය වීම පාලනය කිරීමට සෞඛ්‍ය අංශ අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

ගාල්ල, උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ වන විට එම බැක්ටීරියා ආසාදනයෙන් ගාල්ල බන්ධනාගාරයෙන් රෝගීන් 13 වර්තා වී ඇති බව ත් දෙදෙනෙකු මිය ගිය බව ත් ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, බන්ධනාගාරයෙන් පිටත මෙම බැක්ටීරියාව ව්‍යාප්තියක් සිදු වී නොමැති බවයි.

කෙසේ නමුත්, කුෂ්ඨ රෝගයක් සමග හටගන්නා බව කියන මෙම මෙනින්ගොකොකල් බැක්ටීරියාව දරුවන්ට වඩාත් හානිකර යැයි ද මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය දුර්වල වූ පුද්ගලයන්ට ද මාරාන්තික යැයි ද වෛද්‍යවරු පවසනවා.