2024 නොවැම්බර් 20, පෙ.ව. 12:04
ඔහුට ලැබුණ මේ ජයග්‍රහණය පිටුපස නොමැකෙන සෙවනැල්ලක්ව, යෝධ ශක්තියක්ව ඉන්න ඇත්තේ අකිලගේ මව්පිය යුවලයි.. ඔවුන් අධ්‍යාපනයේ තම ඉලක්ක බොහොම ඉහළින් සපුරාගන්න සමත් වුණ යුවලක්..
අකිල උත්සර, අම්මා තාත්තා වගේම තමන්ගේ උත්සාහය කැපවීම නිසා තමන්ගේ හීන සැබෑ කරගත් තවත් තරුණයෙක්.. මේ කතාවේ සැඟවුණු එක් සුවිශේෂී මතකයක් තියනවා.. මේ ඔවුන් ගැන ඇසෙන ඒ අපූරු කතාවයි..
මේ කතාව ඇදී යන්නේ මීට වසර 30ක ඈත අතීතයකට, ඒ කියන්නේ 1994 වර්ෂයට… ඒ වර්ෂයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ විශිෂ්ටතම ශිෂ්‍යයා වෙන්න වරම් දිනාගන්නේ අකිලගේ පියායි..
ඊට වසර තිහකට පස්සේ ඒ කියන්නේ 2024 වර්ෂයේ ඒ භාග්‍ය අකිලට ලැබෙනවා.. ඔහු පසුගිය දිනක පැවති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 50 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ විශිෂ්ටතම ශිෂ්‍යයා වෙන්න වරම් ලබාගන්නවා..
ඔහුගේ මවත් පියාත් මේ විශය ක්ෂේත්රයේම නියැලෙන ගුරුවරුන් යුවලක් වීම විශේෂයි.. අකිලගේ පියා මේ වන විට එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයෙක්.. ඉතින් අම්මා, තාත්තාගේ හීන වෙනුවෙන් වගේම ඔහුගේ ඒ සිහිනට අද සැබෑවක් වෙලා…
මෙන්න බලන්නකෝ ඒ සතුට ඔහු මෙන්න මෙහෙම ඔහුගේ මුහුණුපොතට සටහනක් එක්කරමින් කියා තිබුණා..
2024 නොවැම්බර් 20, පෙ.ව. 12:08
2024 නොවැම්බර් 20, පෙ.ව. 12:08
2024 නොවැම්බර් 20, පෙ.ව. 12:06
2024 නොවැම්බර් 20, පෙ.ව. 12:06
2024 නොවැම්බර් 20, පෙ.ව. 12:06
20-11-24
20-11-24
20-11-24
20-11-24
20-11-24
20-11-24
19-11-24
19-11-24
19-11-24
19-11-24
19-11-24
19-11-24
19-11-24
19-11-24
18-11-24
18-11-24
18-11-24
18-11-24
18-11-24
18-11-24
18-11-24
18-11-24
18-11-24
18-11-24