2025 ජනවාරි 29, ප.ව. 4:56
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති ලෙස පත්විම් ලද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ නිළධාරීන් හට ගුවන් හමුදා සම්ප්‍රදායානුකූල උත්තමාචාර පෙළපාලියක් අද (29) ගුවන් හමුදා මුලස්ථානයේදි පවත්වන ලදි.
එම උත්තමාචාර පෙළපාලියෙන් අනතුරුව නව ගුවන් හමුදාපතිතුමන් ආගමික වතාවත් සිදුකරමින් නිළ වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිම ගුවන් හමුදා මුලස්ථානයේදි සිදුවීය.
අභිනවයෙන් රාජකාරී ආරම්භ කල ගුවන් හමුදාපතිවරයා මුලික කරුණු පහක් යටතේ සිය සාමාජිකයින් අමතමින් සඳහන් කරනු ලබුවේ සිය නායකත්වය යටතේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීම, නව තාක්ෂණික දැනුම භාවිතයට ගැනීම, ගෝලීය ක්‍රියාකාරකම් මත ස්වකීය මෙහෙයුම් යාවත්කාලීන කරවීම, සමුද්‍රීය ආරක්ෂාව හා ජාතික සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන බවයි.
ගුවන් හමුදාවේ ගුවන්යානා බලඝණ තව දුරටත් ශක්තිමත් කරමින් ගුවන් බලය සඵලව භාවිතා කොට මාතෘ භූමියේ අවශ්‍යතාවන් අනුව සෑම විටම ක්‍රියාකිරීමට හැකි ගුවන් හමුදාවක් බවට පරිවර්ථනය කරන බවටත්, ගුවන් ආරක්ෂණ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීම මගින් ගුවන් කලාපයේ ආරක්ෂාව සහතික කොට, ආවේක්ෂණ රාජකාරීන් මතින් කලාපීය ගුවන් ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීම තම මූලික අභිලාශය බවට පත්කර ගන්නා බවට තව දුරටත් සදහන් කරන ලදී.
තාක්ෂණික හමුදාවක් ලෙස ගුවන් හමුදාව තුළ ඇති තාක්ෂණික ශක්තිය මගින් නවෝත්පාදනයන් ඉහළ නැංවීම සදහා ගතහැකි සියළු ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ ගනිමින් ගුවන් ආරක්ෂණ පද්ධතිය තරකීරීම, ඩ්‍රෝන තාක්ෂණය සහ නියමුවන් රහිත ගුවන් යානා තාක්ෂණය තවදුරටත් වැඩි දියුණු කිරීම තුලින් අනාගත ගුවන් හමුදාව තාක්ෂණික ප්‍රවේශයකට සූදානම් කර වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන ලද අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර සංග්‍රාමීය අවශ්‍යතා වෙනුවෙන් සෑම අතින්ම සන්නද්ධ ගුවන් හමුදාවක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද ප්‍රකාශ කරන ලදී.
ජාතික ආරක්ෂක හා ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළ හා අනුගත වෙමින් ඉන්දියානු සාගර කළාපීය සමුද්‍රීය ආරක්ෂණය තහවුරු කිරීම ගුවන් හමුදාවේ භාරදුර වගකීමක් බවත් එය සිදුකිරීමේදී ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාවය මත පදනම්ව රටේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙමින් ආවේක්ෂණ මෙහෙයුම් සඳහා වැඩි අවධානයක් ලබා දීමට බලාපොරොත්තු වන බව පවසන ලදී.
තවද, 2025 වර්ෂය තුළදී රජය ආරම්භ කර ඇති ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ සහයෝගය ලබා දීමට ක්‍රියා කරන අතර ගුවන් හමුදාවේ ප්‍රමිතිගත ප්‍රවේශයන් තුලින් මේ රටේ පොදු යහපත් අරමුණු වෙනුවෙන් කැප වී කටයුතු කරන බවත් ඕනෑම අවස්ථාවක ඒ සදහා සූදානම් බවත් සඳහන් කරන ලදී.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03