hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 නොවැම්‍බර් 25, පෙ.ව. 12:02



ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් පත්වී නිදන් හාරමින් ඇතැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

“ඉතිහාසයේ පළවෙනි වතාවට රජයක් පත්වෙලා කොහෙවත් නැති නිදානයක් හොයනවා. බලන්න අර බැකෝ එකට කීයද? දොඹකරේට කීයද? ඩීසල් කොච්චර ද? රාජ්‍ය සේවකයෝ කොයි තරම් එතන හිටිය ද?

ගල් ගෙඩියක් උඩට ගන්න රටේ අහිංසක මිනිස්සුන්ගේ මහා ධනස්කන්ධයක් වියදම් කළා. අන්තමට ගල කැඩුවට පස්සේ මුකුත් නෑ. මේ වගේ අය ද ඔය වගේ තැන්වල ඉන්නේ.

නිදන් හාරන්න ඕඩර් දෙන්න එපා ජනාධිපතිතුමනි. නිදන් ලැබෙනවා නම් ඒවා අපට දෙන්න. අපි ඒවා ජනතාතවට බෙදලා දෙන්නම්. එක්කෝ ඔබතුමාගේ නායකත්වයෙන් නිදන් ටික ගන්න. නිදන් හාරන්න ගියොත් මහ විනාශයක් වෙනවා.”