hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 23, ප.ව. 1:37



“රුබිකන් නදිය තරණය” සිදුකළේ මීට මාස 11 කට පෙර ශ්‍රී ලංකාවේ මහජනතාව විසින් බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සැබෑ ජනරජයක් බවට පත් කිරීමේ ගමනේදී එහි ගාමක බලවේගය වූයේ මෙරට මහජනතාව බවයි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් ‍ක්‍රි.පූ. 49 දී ජූලියස් සීසර් විසින් “රුබිකන්” නදිය තරණය කිරීමේ ඓතිහාසික සඳහනක් උපුටා දක්වමින් සිය Facebook ගිණුමේ පළ කරන ලද සටහනකට ප්‍රතිචාර වශයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

දේශපාලනයේ දී හෝ, පාලන තන්ත්‍රයේ දී හෝ, ඇතැම් අවස්ථාවලදී නැවත ආපස්සට හැරවිය නොහැකි තීරණ ප්‍රඥාවෙන් සහ රටේ දිගුකාලීන අවශ්‍යතා මනසේ තබාගෙන ගත යුතු බවයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් එම සටහන තබා තිබුණේ.

ඔවුන් තැබූ එම සටහන් පහතින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: