2025 පෙබරවාරි 27, ප.ව. 2:30
ජනාධිපතිවරයා ගත් තීරණයක් නොසලකා හරිමින් පාර්ලිමේන්තුවේ සභානායකවරයා කටයුතු කරන බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අද (27) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද (27) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්බ කරමින් අදහස්දැ ක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ජනාධිපතිවරයා තමාට වූ පොරොන්දුවක්ද හෙළි කළේය.
මෙහිදී අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට පක්ෂ නායකයෙකුවූ තමා නොකැඳවීම ගැන කරුණු දක්වා සිටියා.
“අපි නිතර නිතර ඉල්ලන කාරණයක් තමයි …. විශේෂයෙන් … අද 11 වෙනකොට ඔබතුමා (කථානායකතුමා) නැවත වාරයක් කැඳවා තිබෙනවා බිස්නස් කමිටි එක (පක්ෂ නායක රැස්වීම)
බිස්නස් කමිටිඑකේ (පක්ෂ නායක රැස්වීම) අපේ පක්ෂ නායකවරු කිහිපදෙනෙකුට එතන ලබාදෙන ඉඩ අහිමිවෙලා තිබෙනවා…. උවමනාවෙන්ම අහිමි කරලා තියෙනවා කියල මම කියනවා…
සභානයකතුමා ඊයේ (26) මම චන්දෙට පෙර කියපු කතාවක් උපුටා ගෙන එතුමා කේන්තියෙන් නැගිටලා ගිය … අහ් ..ඔයගොල්ලන්ට දෙන්නේ නැ …කියලා…..ඉතින් මේ වගේ ඒකාධිකාරිව කටයුතු කරන්න එපා … මම ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා ….”
මෙහිදී නැගිසිටි සභානායක අමාත්‍ය බිමල් රත්නායක …. ” ඉතාම සාවධ්‍ය ප්‍රකාශයක් කළා එතුමා … ඒක අයින් කරගන්න ඕන …නැත්නම් ඔබතුමා (කථානායකතුමා) හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න … මොකද …අපි .. ඉතාම පැහැදිලිව ..විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට ..අපේ ස්ථාවරය දැනුම් දී .. තිබෙනවා …. මම එහෙම කිසිම ප්‍රකාශයක් කළේ ..නැහැ …. අපි අපේ ස්ථාවරය ලිඛිතව දැනුම්දී තිබෙනවා …. ඉතින් …. ඒ නිසා අපි කැමතියි විපක්ෂයේ සංවිධායකතුමාගෙන් …. මේ පිලිබඳ ඔබතුමාලගේ ප්‍රතිපත්තිය කියන්න …. ඔබ තුමන්ලා …. මේකනම් …දිගටම යන ක්‍රමය ….අපි … කරුණාකරලා … ඔබතුමන්ලාට වැඩි කරන්න දුන්නු ප්‍රමාණය ගැන උනත් …. තේරුමක් … නැනේ… මේකනම් …. දිගටම .. යන්නේ…
කථානායකතුම …. “ගරු මන්ත්‍රීතුමනි “
රවුෆ් හකීම් මන්ත්‍රීවරයා …”ලෙට්ස් මි ….ස්පික් ….”
සභානායක බිමල් රත්නායක “…. නැ ..මගේ … මට .. සම්බන්ධ …. විවේචනයක් කළා … ගරු ..සභාපතිතුමනි … මගේ නම කියලා … මගේ තනතුර … කියලා … විවේචනයක් කළා … ඒක ..බොරු …ඒක ..බොරු … ඒක බොරු …”
යලිත් නැගී සිටි … රවුෆ් හකීම් මන්ත්‍රීවරයා… “මම සාවධ්‍ය ප්‍රකාශයක් කරනවානම් … මම අද පාර්ලිමේන්තුවේ කියනවා …. ගියවර …ආරක්ෂක .. අමාත්‍යංශ කන්සල්ටින් කමිටි මීටින් (ආරක්ෂක අමාත්‍යංශ උපෙදේශක කාරක සභාව) … එකට ජනාධිපතිතුමා පැමිණෙන… කොටම … මම කියන්නම් … මේක …. පොඩ්ඩක් ..අහන්න … අහලා ….
නැවත නැගීසිටි … සභානයකතුම ….”මෙතුමා කිව්වා …මම ..මොකක්ද … තර්ජනාත්මකව …කිව්වා ..කියල …අන්න ..ඒක ..බොරුවක් … එක්කෝ ඔබතුමා … අයින්කර ගන්න … ඔබතුමාගෙන් (මුලසන්යෙන් ).. ඉල්ලා සිටිනවා සොයා බලා හැන්සාඩ් එකෙන් ඉවත්කරන්න කියලා ….”
පර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ….” කථානායකතුමනි ..මම එක දෙයක් කියන්නම් .. මම ජනාධිපට්ඝිතුමා .. ආරක්ෂක .. අමාත්‍යංශ කන්සල්ටින් කමිටි මීටින් (ආරක්ෂක අමාත්‍යංශ උපෙදේශක කාරක සභාව) … එකට ආපු ..වෙලේ ..වාඩිවී හිටපු ..මම … එතුමාට .. මම හරස් කරලා යද්දී ..ජනාධිපතිතුමා .. මගේ ලඟට ඇවිල්ල… මට පොරොන්දුවක්වෙලා ..ගියා .. ” අන්න රවුෆ් .. ඔබතුමා ඉල්ලු පරිදි අපි … බිස්නස් කමිටි එකට (පක්ෂ නායක රැස්වීමට) ඔබතුමා එකතු කරන්න අපි තීරණය කරළා තියෙනවා ” කියලා … ජනාධිපතිතුමාගෙන් අහන්න ..ගිහිල්ලා … ඔබතුමන් තනි මතයට …ජනාධිපතිතුමා මට කියපු .. ඒ කාරනාවට …විරුද්ධව .. ඔබතුමා බිස්නස් කමිටි (පක්ෂ නායක රැස්වීමට) එකෙන් අපි ඉවත් කිරීමට කටයුතු කරලා තියෙනවා … ඕනේනම් ..ජනාධිපත්තුමාගෙන් ගිහින් අහන්න …
(මේ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකවරයා මුලසුනට පැමිණියේය )
යලිත් අදහස් දැක්වූ …රවුෆ් හකීම් මන්ත්‍රීවරයා… ” නැහැ….. නැහැ .. එතුමා … සානුකම්පිතව සලකා බලාවි … කේන්ති ගන්න එපා …”
2025 ජූනි 03, පෙ.ව. 10:55
2025 ජූනි 03, පෙ.ව. 10:53
2025 ජූනි 03, පෙ.ව. 12:10
2025 ජූනි 03, පෙ.ව. 12:10
2025 ජූනි 03, පෙ.ව. 12:09
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
03-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25
02-06-25