2025 මාර්තු 24, ප.ව. 1:59
පාදෙණිය මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදා ගුවන් යානය පැරණි අබලන් යානයක් නොවන බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඔහු පෙන්වා දුන්නේ ආරක්ෂක ලේකම්වරයා මගින් ගෙන්වා ගත් විමර්ශන වාර්තාව අනුව තමන් එය තහවුරු කරගත් බවය.
මෙම යානය පදවා ඇත්තේ පුහුණු වන පිරිසක් බවත් ඔවුන් අතින් වූ අත්වැරදීමක් නිසා මෙම අනතුර සිදුව ඇති බවත් ඇමති බිමල් රත්නායක ප්‍රකාශ කරයි.
පුහුණුවීම් අතරතුරු මෙවැනි සිදුවීම් සුලබ බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
”ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කුරුණෑගල, පාදෙණිය, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී බිඳ වැටීම සම්බන්ධ වාර්තාව ඇත්තටම මම ආරක්ෂක ලේකම්තුමා මගින් ගෙන්න ගත්තා. පසුගිය 21 වෙනිදා. එතුමලා ඒ වාර්තාව මං හිතන්නේ ජනාධිපතිතුමා හෝ එතුමලාගේ මාධ්‍ය සඳහා හදලා තිබුණා. ඉතින් ඒකට අනුව ගත්තොත් ඒ ගුවන් යානාව ඒ වාර්තාව අනුවත් විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමා පැහැදිලි කරපු විදිහට, එතුමා එතුමත් හිටපු ගුවන් හමුදාවේ ප්‍රධානියෙක්.
ඒකට අනුව ගත්තොත් ඒ ගුවන් යානයේ බඳේ පරණකමක් හෝ එහෙම ප්‍රශ්නයක් නෑ. දෙක තමයි ගුවන් යානයේ එන්ජිමේ ප්‍රශ්නයක් නෑ. මොකද අපි අර පරණ වාහන පාරේ දිව්වට ගුවන් යානා එහෙම දුවන්න බෑ. ඒවා අනිවාර්යයෙන්ම අදාළ ලයිසන් අරන් තමයි දුවන්නේ. ඉතින් ඒවා පරණ එකක් නෙමෙයි. එකමදේ පුහුණු වෙනකොට ප්ලේන්වල එල් බෝඩ් ගහලා තිබුණේ නැති වුණාට ඒ ගියපු කට්ටිය පුහුණු වෙන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ අත්වැරදීමක් වෙලා තියෙනවා.
ඉතින් අපි සතුටු වෙනවා අඩුගානේ ඒ නියමුවන් දෙදෙනා බේරිච්ච එක ගැන. මගේ දැනීමේ හැටියට ඒ වාර්තාව අනුව විශාල දේපළ හානියක් ප්‍රදේශයට වෙලා නෑ. නමුත් යම් යම් ගස් කොළන් වලට යම් හානියක් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම ගත්තොත් පුහුණුවීම්වලදී අපේ රටෙත්, ලෝකේ කොයි රටෙත් වෙන දෙයක්. ඒ ඇර වෙන කිසිම හේතුවක් ඒකට සම්බන්ධ නැහැ කියන එක තමයි තාක්ෂණික වාර්තාව අනුව තියෙන්නේ.”
2025 අප්‍රේල් 21, පෙ.ව. 12:26
2025 අප්‍රේල් 21, පෙ.ව. 12:23
2025 අප්‍රේල් 21, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 21, පෙ.ව. 12:06
2025 අප්‍රේල් 21, පෙ.ව. 12:05
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25