hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2024 ජූනි 24, පෙ.ව. 8:02



මිනිසුන් තුළ කුරුළු උණ මෑතදී හඳුනා ගැනීමත් එය විදෙස් රටවල ව්‍යාප්ත වීමත් හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට අවධානයෙන් සිටින ලෙස උපදෙස් ලබාදී ඇත.

මෙම කුරුළු උණ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් මගින් ඇති වන බෝවන රෝගයක් වන අතර එය මූලික වශයෙන් පක්ෂීන්ට බලපාන නමුත් අනෙකුත් සතුන්ට සහ මිනිසුන්ටද ආසාදනය විය හැකි බව සදහන් කරයි.

ඉන්ෆ්ලුවෙන්සා වෛරස් වල විවිධ වික්‍රියා නිසා ඇති විය හැකි අතර H5 උප වර්ගය දරුණු ලෙස පැතිරයාමට ඇති හැකියාව ඇති බවත් ප්‍රධාන කුරුළු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේවදවලට H5, H7, H9 සහ H10 ඇතුළත් වන බවද සදහන් කරයි.

කුරුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ විවිධ ප්‍රභේද මිනිසුන් ඇතුළු නව ධාරකයන්ට විකෘති වීමට සහ අනුවර්තනය වීමට ඇති හැකියාව නිසා සැලකිය යුතු අවධානයක් යොමු කරන ලෙස වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) විශේෂඥ වෛරස් විද්‍යාඥ වෛද්‍ය ජූඩ් ජයමහ සදහන් කරයි.

පක්ෂීන්ගේ කෙළ, සෙම සහ අසූචිවලින් වෛරසය වැගිරෙන බවත් ඒ අනුව ආසාදිත පක්ෂීන් හෝ දූෂිත පරිසරයන් සමඟ සමීප, අනාරක්ෂිත සම්බන්ධතා පවත්වන පුද්ගලයන්ට හෝ සතුන්ට ආසාදනය විය හැකි බවද වෛරස් විද්‍යාඥ වෛද්‍ය ජූඩ් ජයමහ සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: