hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 01, ප.ව. 7:27



අලුතින් උපදින දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් අංකය සහිතව උප්පැන්න සහතික නිකුත් කිරීම අද සිට ආරම්භ කෙරෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඔවුන්ට වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමේදී උප්පැන්න සහතිකයට හිමි එම අංකය ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති.

මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අතර තොරතුරු හුවමාරු කරගනිමින් එම ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි.

ආරම්භක අවස්ථාවේදී නියමු වැඩසටහනක් ලෙස ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර සහ තමන්කඩුව යන ප්‍රදේශීය ලේකම් කාර්යාල සඳහා එය ක්‍රියාත්මක කෙරෙනවා.