hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 18, පෙ.ව. 10:23



අළුත්ගම දර්ගා නගරයේ වසර විසි පහකට වඩා පැරණි බෝ ගසක් කපා දැමූ බෞද්ධ ආගමිකයන් තිදෙනෙකු ඇතුළු හත් දෙනෙකු අළුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දර්ගා නගරයේ අඹගහ හංදියේ පිහිටි මෙම බෝ ගස තනි තීරණයක් මත කපා දැමීමට මෙම පුද්ගලයන් හත් දෙනා එක්ව කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බෞද්ධ හිමිනමක් හා ප්‍රදේශවාසීන් රැසක් අළුත්ගම පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

මේ අනුව සිද්ධියට සම්බන්ධ සිංහල ජාතිකයන් තිදෙනෙකු හා මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන්ගේ මෙම ක්‍රියාව ජාතිවාදී කෝලහාලයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

පොලිසියේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම මත එම තත්ත්වය පාලනය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අනාරක්ෂිත තත්ත්වයක පැවතීම නිසා බෝගස කැපීමට උත්සහා කළ බවට පොලිසිය හමුවේ සඳහන් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අළුත්ගම පොලිසිය ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාව නිසා ජාතිකත්ව අසමගියක් ඇතිවීමට ඉඩකඩ පවතින බව කියමින්.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය සැකකරුවන් ඇප මත මුදාහැර තිබෙනවා.