hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 මාර්තු 07, පෙ.ව. 4:47



පාසල් සිසුන් සඳහා සියයට 30 ක මිල අඩුකිරීමක් යටතේ අභ්‍යාස පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සතොස වෙ‌ළෙදසැල් හරහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරන අභ්‍යාස පොත් පාසල් සිසුන්ට මිලදී ගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා සදහන් කළේ ලබන සතියේ සිට දිවයින පුරා සතොස වෙ‌ළෙදසැල් වලින් අභ්‍යාස පොත් මිලදී ගත හැකි බවයි.