hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 13, පෙ.ව. 12:15



හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් පැන්මුර් දමිල මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යන පාසල් පෙලපොත් ගබඩාවෙන් පෙලපොත් 56 ක් අවිධිමත් ආකාරයෙන් රැගෙන යාමට තැත් කල ගබඩා භාරකරුට එරෙහිව හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ෂණ ඒකකයෙන් විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ෂන ඒකකය විසිනුයි මෙම විමර්ෂනය ආරම්භ කර ඇත්තේ.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව මගින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දමිල පාසල් වලට අවශ්‍ය පාසල් පෙලපොත් තොගයක් ඉකුත් (09) දින රාත්‍රියේ එම ගබඩාවට රැගෙනවිත් ඇති අතර, එම පෙලපොත් ගබඩාව වෙත භාරගෙන එයින් 9 වසරට අදාල පෙලපොත් 56 ක් පොහොර බැගයක බහා ගබඩා භාරකරුගේ යතුරුපැදියේ රැගෙන යාමට උත්සහ කිරිමේදි පැන්මුර් දමිල මහා විද්‍යාලය අවට පදිංචි එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමව්පියන් විසින් ගබඩා භාරකරු අල්ලා හැටන් පොලිසිය වෙත භාර දි තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ද පෙලපොත් ගබඩා භාරකරු සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පාසල් පෙලපොත් ගබඩාවේ භාරකරු විසින් මෙසේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව විසින් මුද්‍රනය කර භාර දි ඇති පෙලපොත් හැටන් ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් වලට අලෙවි කරන බවටද විමර්ෂණය සිදු කරන නිලධාරින්ට තොරතුරු අනාවරණය වි තිබෙනවා.

හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ පෙලපොත් ගැටළුව සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බවයි.