hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:39



බොරැල්ල කනත්ත හා ඒ අවට ප්‍රදේශවල cctv කැමරා පද්ධතියක් වහාම ස්ථාපිත කිරීමට කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය විසින් අදාළ අංශ වෙත ඊයේ නියෝග කර තිබෙනවා.

බොරැල්ල කනත්ත පරිශ්‍රයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු අභිරහස් ලෙස ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සීසීටීවී දර්ශනයක් නොමැති බවට වාර්තා වීමෙන් පසු නගරාධිපතිනිය මෙම නියෝගය කර තිබෙනවා.

කනත්ත පරිශ්‍රයේ කලක පටන් විවිධ අක්‍රමිකතා සහ දූෂණ ඇතුළු විෂම ක්‍රියා සිදු වන බවට මාධ්‍ය වාර්තා පළ කළත් මේ දක්වා එහි ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කර තිබුණේ නැත.