hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 12, පෙ.ව. 11:37



කෘත්‍රිම බුද්ධිය කේන්ද්‍ර කරගනිමින් පරිගණක ඉංජිනේරු විශේෂ උපාධිය හදාරා, අමෙරිකාවේ මේරිලෑන්ඩ් සරසවියේ ආචාර්ය උපාධිය හදාරමින් සිටි විනෝජ් යසිංග ජයසුන්දරගේ නම් තරුණයාගේ නිසල දේහය ඊයේ (11) පෙරවරුවේ කොට්ටාව මත්තෙගොඩ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා.

සිය ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණ නිබන්ධනයක් භාර දීමට අමෙරිකාවේ සිට කැනඩාවේ වැන්කුවර් නගරයට පසුගිය මස 22 වැනිදා පැමිණි විනෝජ් යසංග ජයසුන්දරට යළි අමෙරිකාව බලා යාමට අවස්ථාව නොලැබුණේ, මත්ද්‍රව්‍ය පානය කළ නොහික්මුණු රියදුරෙකු ඔහුගේ ජීවිතය බිලි ගැනීම හේතුවෙන්.

මියගිය විනෝජ් අමෙරිකාවේ කැලිෆෝනියා හි පිහිටි ඇපල් සමාගමේ ප්‍රධාන ශාඛාවේ සේවය කරමින් සිට තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධියත්, තොරතුරු තාක්ෂණ උපාධියත් හැදෑරූ විනෝජ්, එංගලන්තයේ සරසවියකින් නීතිවේදී උපාධියද හදාරා ඇති බවයි වාර්තා වූයේ.

විනෝජ් යසංගගේ පවුලේ ඥාතීන් පෙන්වා දෙන්නේ මෙවැනි විශේෂ හැකියා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විදෙස් රටවලදී මෙලෙස මිය යාම සැකසහිත බවයි.