2025 මාර්තු 21, පෙ.ව. 10:40
පොලිස් නිලධාරියෙකුට යම් වගකීමක් පවරුනොත් පොලිස් නිලධාරියෙකුට කිසිම වෙලාවක තමන්ට පැවරුණු වගකීමෙන් ඉල්ලා අස්වීමට හැකියාවක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කරනවා.
ඒ අද උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
කෙසේවෙතත් තමන් තමන්ගේ පෞද්ගලික හේතුව මත ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇති බවත් නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු වී මේ වෙනුවට යම් නිලධාරියෙකු පත් කරන තුරු තමන්ට පවරා ඇති වගකීමෙන් මිදීමට හැකියාවක් නැති බවද සඳහන් කරනවා.
ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ කටයුතු සිදු වී ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් යම්කිසි තීරණයක් ලබා දෙන තුරු තමන් සිය තනතුරේ රාජකාරී කළ යුතු බවත් සඳහන් කළා.
තමා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම අනුව ජාතික පොලිස් කොමිසන් සභාව සහ අනෙකුත් ආයතන මගින් ඒ සඳහා වෙනත් නිලධාරියෙකු නම් කරන තුරු තමන් වෙත පැවරී ඇති වගකීම් සියල්ල ඒ ආකාරයෙන් ඉෂ්ඨ කරන බවත් පවසා සිටියා.
ඉදිරියේදී යම් නිලධාරියෙකු ඒ සඳහා පත් වන තුරු තමන් මාධ්‍ය ප්‍රකාශක ලෙස තමාට පැවරී ඇති රාජකාරිය ඉෂ්ඨ කරන බවද වැඩිදුරටත් සඳහන් කළා.
2025 මාර්තු 23, පෙ.ව. 12:33
2025 මාර්තු 23, පෙ.ව. 12:28
2025 මාර්තු 23, පෙ.ව. 12:24
2025 මාර්තු 23, පෙ.ව. 12:19
2025 මාර්තු 23, පෙ.ව. 12:15
21-03-25
21-03-25
21-03-25
21-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
18-03-25
18-03-25
17-03-25
17-03-25
16-03-25
16-03-25
15-03-25
15-03-25