hit counter

2025 මැයි මස 16 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 3:24



අන්තරායකාරී ලෙස පාරේ ගමන් කිරීම සහ අනවසර නීති විරෝධී උපාංග සහ විදුලි බුබුළු සවි කිරීම හේතුවෙන් මාර්ගයේ අනතුරු සිදුවිය හැකි බවට චෝදනා කරමින් සංචාරක බස්රථ පනස් අටක් කොළඹට පසුගිය දිනක කැඳවා තිබුණා.

එම කැඳවීම මත නොපැමිණි බස්රථ විසි පහකට යළිත් කැඳවුම් නියෝග මත පොලිස් රථ වාහන මූලස්ථානය වෙත වාර්තා කිරීමට සිදුවුණා.

නිල් දඟයා, විසේ කුරුට්ටා, මායාකාරී, මැණික් කැටේ, පුලතිසි රැජින, සඳ රංගනා ඇතුළු අනුවර්ථ නාම වලින් හඳුන්වා ඇති මෙම බස් රථ විවිධ උපාංග යොදා වෙනස් කර තිබුණා.

පොලිසියේ හා මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පසු මෙම බස් රථ සඳහා අපට දැඩි කොන්දේසි ලබා දුන්නා.

බස්රථ වෙලා මතුපිටින් ඇති කර ඇති වෙනස්කම් ඉවත් කර නැවත පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට නියෝග ලබා දුන්නා.

එතෙක් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවිමටයි පොලිසිය ක්‍රියා කළේ.