hit counter

2024 දෙසැම්‍බර් මස 25 වන බදාදා

2024 දෙසැම්‍බර් 25, පෙ.ව. 10:04



පසුගියදා හැටන් ප්‍රදේශයේ සිදු වු පෞද්ගලික බස් රථ අනතුරත් සමග පොලිස් නිලධාරින් මාර්ග නිති උල්ලංඝනය කරමින් රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමට ආරම්භ කර ඇති මෙහෙයුමත් සමග හැටන් බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කර කෙටි සහ දුර සේවා බස් රථ රියදුරන් ආරක්ෂිත ආසන බද පටි පැළද බස් රථ ධාවනය කරන අයුරු දක්නට ලැබුණා.

එම අනතුරෙන් පසු අනතුරට පත් බස් රථයේ රියදුරා ආසන පටි නොපැළද සිටි බවට තහවුරු විමත් සමග නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයා හැටන් පොලිසියට ලබාදුන් උපදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය විමත් සමග ආසන පටි සවි කර ඇති බස් රථ වල රියදුරන් ආසන පටි පැළද බස් රථ ධාවනය කරන අතර, තවත් පිරිසක් ආසන පටි නොපැළ බස් රථ ධාවනය කරන අයුරු දකින්නට ලැබිණ.

මේ අතර හැටන් ලංගම ඩිපෝවෙන් දිනපතා ධාවනයට එක් කරන සැම බස් රථයකම රියදුරුගේ ආසනයේ ආරක්ෂක පටි සවි කිරිමට හැටන් ඩිපෝවේ පාලන අධිකාරිය එම ඩිපෝවේ කාර්මික අංශයට උපදෙස් ලබා දි ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථ ධාවනය කිරිමේදී අනිවාර්යෙන් ආසන පටි පැලද බස් රථ ධාවනය කරන ලෙසයි, එම ඩිපොවේ රියදුරන්ට පාලන අධිකාරිය මගින් උපදෙස් ලබා දි ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: