2024 ජූලි 16, ප.ව. 12:29
ක්ලබ් වසන්තට වෙඩි තබා ඝාතනය කලා සේ තමන්ට ද එය සිදුකරන බවට තර්ජනාත්මක පෝස්ටර් අලවා කලුතෙල් ප්‍රහාරයක් එල්ලකරමින් තර්ජනය කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහ රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් අසිත කෝසල දනිප්පුලි ආරච්චිට කළ තර්ජනයක් සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (15) අලුයම් කාලයේ දි මෙම පොස්ටර් අලවා ඇති අතර, පසුගිය මැයි 05 වැනිදා ද කැකිරාව ප්‍රධාන වෛද්‍ය නිලදාරිවරයාට සහ එම කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිප දෙනෙකුටම මරණීය තර්ජන කරමින් කිසියම් පිරිසක් විසින් එම කාර්යාලයට අයත් කැබ් රථයේ පසුපස මෙලෙස තර්ජනාත්මක වැකි සඳහන් පෝස්ටර් දෙකක් අලවා තිබෙනවා.
ඒ පිලිබඳව වෛද්‍ය අසික කෝසල විසින් උතුරු මැද පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජණ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල මගින් ඔහු ඉල්ලා ඇත්තේ තම කාර්යාලයට සහ ආහාර පනත යටතේ සිදුකරන වැටලීම් සඳහා යන නිලධාරීන්ට ආරක්ෂාව සපයාදීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයේ නිලදාරීන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන බව පැවසුවත් මෙතෙක් එවැනි ආරක්ෂාවක් ලැබී නොමැති බවත් සඳහන්.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව උතුරු මැද පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රධාන කැකිරාව පොලිස් ස්ථානාධිපති ඇතුලු පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
2025 මැයි 15, පෙ.ව. 12:22
2025 මැයි 15, පෙ.ව. 12:17
2025 මැයි 15, පෙ.ව. 12:17
2025 මැයි 15, පෙ.ව. 12:14
2025 මැයි 15, පෙ.ව. 12:12