2023 අප්‍රේල් 14, පෙ.ව. 3:45
ශ්‍රම වෙළඳපොලට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කිරීම සිදුකළ යුතු බව අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධාරණය යොමු කර තිබෙනවා.
එහිදී මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ. උසස් පෙළ විභාගයෙන් පසු අධ්‍යාපනය හැර යන සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම සදහා නිසි ක්‍රමවේදයන් සකස් කළ යුතු බව කමිටුවේ සභාපති විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා.
උසස් අධ්‍යාපනය සඳහා මෙරට සිසුන් විදේශගත වීමෙන් මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වන බවත්, එය වළක්වා ගැනීමට ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතු බවත් මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මෙහිදී පෙන්වා දුන්නා.
එසේම මෙමගින් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමට හැකි බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අවස්ථාව පවතින බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙරට හෙද වෘත්තිකයන් සදහා විදෙස් රටවල විශාල ඉල්ලුමක් පවතින බවත් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මෙරට හෙද හෙදියන් වැඩි වශයෙන් විදෙස් රටවලට යැවීමට ඇති හැකියාව පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරුණා.
හෙද හෙදියන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිසි අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීමේ මූලික ව්‍යුහය ස්ථාපිත කළ යුතු බව ද මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළා.
මේ සදහා හෙද වෘත්තිකයන්ට පුහුණුවේදීම ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදීමේ අවශ්‍යතාවයද ඔවුහු පෙන්වා දුන්නා.
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:15
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:05