hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 මාර්තු 25, පෙ.ව. 11:29



කැලණිය විශ්විවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහු රෝහල්ගත වීම ප්‍රමාද වු බවට විශ්වවිද්‍යාල සිසුන් චෝදනා කරයි.

ඒ අනුව මේ වන විට සිසුන් 150 දෙනෙකු පමණ විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.