hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 23, පෙ.ව. 12:09



වගා කරන ලද රටකජු අස්වැන්න වෙළෙඳපොළට නිකුත්වීමට පෙර රටකජු මෙට්‍රික් ටොන් 2,000 ක් ආනයනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ආනයන සහ අපනයන පාලක ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දී ඇත.

ඒ අනුව, රට කජු මෙට්‍රික් ටොන් 2,000 ක තොගය පෙබරවාරි මස මැද භාගයට පෙර ආනයනය කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති යවන ලද ලිපියේ සඳහන්ය.

ඉකුත් 2022/23 මහ කන්නයේ සහ 2023 යල කන්නයේ රටකජු අස්වැන්න ප්‍රමාණවත් පරිදි වාර්තාවී තිබුණද, ප්‍රමාණවත් පරිදි ජල පහසුකම් නොතිබීම සහ පොහොර නොයෙදීම නිසා රට කජුවල ප්‍රතිසාධන ප්‍රතිශතය සියයට 50 ත් 55 ත් අතර ප්‍රතිශතයක් දක්වා අඩුවී තිබෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියේ සඳහන් කර තිබෙනවා.

රටකජුවලට අමතරව උඳු පිටි මෙට්‍රික් ටොන් 1,000 ක් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා ආනයන සහ අපනයන පාලකවරයාට එම ලිපියෙන්ම දැනුම් දී තිබෙනවා.