hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 04, පෙ.ව. 9:37



රසායනික පොහොර හා කෘෂි රසායනවල පැවති උග්‍ර හිගය හේතුවෙන් 2022 වර්ෂයේ දී මෙරට තේ නිෂ්පාදනය සියයට 16.0කින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රිලංකා මහ බැංකුව පවසනවා.

මෙරට සමස්ත තේ නිෂ්පාදනය සඳහා පිළිවෙළින් සියයට 22කින්, සියයට 16කින් හා සියයට 62කින් පමණ දායක වු  උඩරට, මැදරට, පහතරට තේ නිෂ්පාදනය 2022 වර්ෂයේ දී පිළිවෙළින් සියයට 13.8කින්,21.2කින් සහ සියයට 15.4කින් පහළගොස් තිබු බවද මහ බැංකු වාර්තාවේ සදහන්.

එමෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ තේ දළු නිෂ්පාදනය ද සියයට 15.6කින් පහළ ගොස් තිබුණා. 

කුඩා තේ වතුහිමියන්ගේ තේ අස්වැන්නේ සාමාන්‍ය පලදාව (2021) වර්ෂයේ දී හෙක්ටයාරයකට කිලෝග්‍රැම් 1414ක් වාර්තා වි තිබුනද 2022 වර්ෂයේ දී තේ පලදාව හෙක්ටයාරයකට කිලෝග්‍රැම් 1,193 දක්වා අඩුවි තිබු බවද මහ බැංකු වාර්තාවේ සදහන්.

ලලිත් චාමින්ද