hit counter

2025 ජනවාරි මස 10 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 10, ප.ව. 6:00



ඊයේ රාත්‍රියේ රට පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වගකීම බාරගෙන ඒ සඳහා වන්දි ගෙවිය යුතු බව හිටපු විදුලි බල අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (10) දින දඹුල්ලේදී පැවසුවා.

පාඨලී චම්පික රණවක මහතා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ දඹුල්ල බල මණ්ඩල රැස්වීමේ ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් මේ බව සඳහන් කළා.

විදුලි බල මණ්ඩලය පාඩුවීමක් නැති බවත් මේ වන විට ලාභ ලබන ආයතනයක් බවත්  කිසිදු ආකාරයකින් විදුලිය රට පුරා විසන්ධි වීමට ඉඩක් නැති බව සඳහන් කළා.

පසුගිය කාලයේ විදුලිය මිල ඉහළ දැමීම සිදු නොකළ යුතු බව දැනුම් දී තිබුනද වැඩි කිරීම නිසා මේ වන විට අර්බුද හට ගෙන තිබෙන බවද හෙතෙම පෙන්වා දුන් අතර මේ වන විට රටපුරා විදුලි පාරිභෝගිකයන් ලක්ෂ පහමාරකගේ පමණක් විදුලිය විසන්ධි කොට තිබෙන්නේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසාවෙන් බව හෙතෙම පෙන්වා දුන්නා.

දෙසැම්බර් මාසයේ රුපියල් මිලියන විසිපහක පමණ ලාභයක් විදුලිබල මණ්ඩලය ලැබෙන බවද චම්පික රණවක මහතා සඳහන් කළ අතර සමස්ත ලාභය මිලියන පනහ ඉක්මවා යන බව ද පෙන්වා දුන්නා.

මහජන උපයෝගීතා කොමිසම පත් කොට ඇත්තේ මහජනතාවගේ වේදනාව පීඩනය පිළිබඳව පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට බවත් එහෙත් එය රබර් සීල් එකක් බවට පත්ව තිබෙන බවද හෙතෙම අවධාරණය කළා.

මෙම තත්ත්වය අනුව මහජන උපයෝගීතා කොමිසමද ඉල්ලා අස්විය යුතු බවද පෙන්වා දෙන ඒ මහතා කියා සිටියේ ඔවුන් නඩත්තු කිරීමද ප්‍රශ්නයක් බවය විධිමත් පරීක්ෂණ පවත්වනවා කියන  ප්‍රකාශ පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් මීට පෙරද එවැනිම පරීක්ෂණ වාර්තා  සිදුකොට ඔවුන්ගේ වගකීම ඉටුකර නැතැයි ද පෙන්වා දුන්නා.

පසුව මාධ්‍යවේදීන් හිටපු විදුලි බල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තු නියෝජනය කරන සහ කරපු දේශපාලන කණ්ඩායම් විදුලි බිල ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් කුමන මතයක් දරන්නේ ද යන්නය.

ඊට පිළිතුරු දුන් චම්පික රණවක මහතා කියා සිටියේ පාර්ලිමේන්තු නිල නිවාසවල හිටපු අයට යම් යම් චෝදනා එල්ල වී ඇති බවත් සමහර අමාත්‍යංශ වලින් ගෙවීමට තියන ඒවා නිසා අමාත්‍යංශ ආණ්ඩුව වගකීමක් බව සඳහන් කළා.

විදුලිය බිඳ වැටීම තුළ වන්දි ගෙවිය යුත්තේ පාරිභෝගික ජනතාව ස්ථාවර ගාස්තුවක් ගෙවා ඇති නිසාවෙන් බවද ස්ථාවර ගාස්තු ලෙස අය කරනු ලබන්නේ විදුලිය ලබාදෙන බවට පොරොන්දුව සහ විශ්වාසය මත ගන්නා මුදලක් බවද එම මුදල ලබා ගන්නේ නම් වහාම එයට වන්දි ගෙවිය යුතු බවයි.

බදු මුදල් පැනවීම යටතේ ලබන ජනවාරි මාසයේ සිට කිරි දරුවාගේ සිට සෑම අයෙකුගෙන්ම රුපියල් තිස් දහසක මුදලක් බදු වශයෙන් ලබා ගැනීමට රජයන් ක්‍රියාත්මක බවද පෙන්වා දෙන ඒ මහතා ජනතාව 2019 වසරේ ගත් තීන්දුව නිසා දැනටමත් රුපියල් ලක්ෂයකට අධික මුදලක් ජනතාවට අහිමි වී තිබෙන ඉදිරියේදී අයකරන බදු මුදල් සමඟ එක පුද්ගලයෙකු හට රුපියල් ලක්ෂ දෙකක මුදලක් අහිමි වී තිබෙන බවද පෙන්වා දෙන ඔහු කියා සිටියේ ඡන්දය ලබා දීමේදී ජනතාව බුද්ධිමත් විය යුතු බවය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බිලියන දහසක මුදලක් අය කරගෙන නොමැති බව පෙන්වා දුන්නේ එයින් බිලියන 179 ක් වහාම එකතු කර ගැනීමට හැකි ඒවා බවද  සුරා බදු වලින් බිලියන හය හමාරක් කෝටි 650  අය කරගෙන නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නා.

මෙන්ම රේගුව මගින් කෝටි පන්දාස් අටසීයක මුදලක් අය කරගෙන නැති බව හෙළිදරව් කළා.

එසේ බදු අය කර ගැනීමකින් තොරව අහිංසක ජනතාවගෙන් බදු ලබා ගැනීම සදාචාරාත්මක අයිතියක් නැති බව ඒ මහතා සඳහන් කර සිටියා.

රට බංකොලොත් කළ පිරිස පිළිබඳව අධිකරණයෙන් ලබා දුන් තීන්දු අනුව ජනතාවගෙන් නොව එම කණ්ඩායමෙන් මුදල් අය කළ යුතු බවයි පෙන්වා දීම විශේෂත්වයක්.

එමෙන්ම මෙහිදී මාධ්‍යවේදීන් චම්පික මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ පක්‍ෂය ශක්තිමත් කරමින් රටපුරා ගමන් කරනු ලබන්නේ ජනාධිපතිවරණය සඳහා සූදානම් නිසාදැයි විමසීමක් කළා.

ඊට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ සෑම පක්ෂයක් තම පක්ෂයේ සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණය රටේ ඉතා තීරණාත්මක ජනාධිපතිවරණයක් බවත් මේ වසරේ ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නා.

ඉදිරි ජනාධිපතිවරණයේදී දක්ෂ කතිකයන්ට නළුවන්ට තෙල් බෙහෙත් කරුවන්ට ව්‍යාපාරිකයන්ට ඡන්දය ලබා නොදී ඒ පිළිබඳව හසල දැනුමක් ඇති දේශපාලන පරිපාලනය දන්න අයෙකුට ලබා දිය යුතු බවද එම පැවසුවා.

ඊළඟට මැතිවරණය මේ රටේ අවසාන විශේෂඥ වෛද්‍යවරයා මේ රටේ සිටිනවාද නැද්ද තීරණය කරන මැතිවරණයක් බවත් අවසානය මහාචාර්යවරයා, ආචාර්යවරයා රට තුළ සිටිනවා ද නැද්ද යන්න තීරණය කරන මැතිවරණයක් බවත් අවසාන වරලත් ඉංජිනේරුවරයා මේ රටේ ඉන්නවාද නැද්ද යන්න තීරණය කරන මැතිවරණයක් බවට පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළා.