2023 මැයි 23, ප.ව. 1:38
ජුලි මස 1 වැනිදා සිට බලාත්මක වන නව විදුලි ගාස්තු ජුනි මස 30 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ලංවිම ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතියෝජනාව මහජනතාවගේ දැන ගැනීමට ජුනි මස 1 වැනි දින ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන ඇති බව ඒ මහතා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා විදුලි බල පනතේ 30 වන වගන්තිය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව ගාස්තු සංශෝධනයකදී සියලු පාර්ශ්වයන්ගේ අදහස හා යෝජනා වලට ඇහුම්කන් දිය යුතු බවත් ජනක රත්නායක මහතා පැවසුවා.

2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 11:14
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:51
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:10