2022 ජූනි 27, ප.ව. 9:50
ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය සංශෝධනය කර මහජනතාවගේ දැන ගැනීම සඳහා හෙට ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ එම යෝජනාවලිය සම්බන්ධයෙන් හෙට සිට සති 03ක කාලයක් මහජනතාවගෙන් අදහස් ලබා ගන්නා බවයි.
අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා කියා සිටියා.
විදුලි ඒකක 30, 60, 90 මට්ටමේ මාසික විදුලි පරිභෝජනයක් සිදු කරන පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමට මහජන උපයෝගිතා කොමිසම සංශෝධන එක් කළ බවද ඔහු සඳහන් කළා.
කෙසේ නමුත් එම විදුලි බිල වැඩි කිරීම සති පහකින් පසුව සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද ඔහු අවධාරණය කළා.
බහුතර ගෘහ විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලෙස ගාස්තු වැඩි කිරීම 57% නොඉක්මවීම බව මහජන උපයෝගිතා කොමිසමේ අදහස බව එහි දී හෙතෙම සඳහන් කළා.
කෙසේ නමුත් මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් ඒකක 30 ට අඩු බිල්පත් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 227 පමණ වන අතර ඒකක 30 ට වැඩි නමුත් ඒකක 60 ට අඩු අඩු බිල්පත් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රු. 658ක් පමණ වන බවද ඒ මහතා පෙන්වා දුන්නා.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් සමස්ත ගෘහස්ථ අංශය සඳහා 138%ක තීරුබදු වැඩිවීමක් යෝජනා කර සිටියත් එය 67% ඉක්මවා නොයා යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ තීරණය වී තිබුණා.
නමුත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවන්ට අනුව, සාමාන්‍ය පාරිභෝගිකයින් සඳහා 45% කින් ද, කාර්මික පාරිභෝගිකයින් සඳහා 61% කින් ද, හෝටල් සඳහා 43% කින් ද, රාජ්‍ය ආයතන සඳහා 43% කින් ද, ආගමික ස්ථාන සඳහා 189% කින් ද විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.
2024 දෙසැම්බර් 27, ප.ව. 2:28
2024 දෙසැම්බර් 27, ප.ව. 12:48
2024 දෙසැම්බර් 27, ප.ව. 12:42
2024 දෙසැම්බර් 27, ප.ව. 12:03
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08