2025 ජූලි 14, පෙ.ව. 9:10
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගුරුවරුන්, පාසල් සිසුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, රාජ්‍ය අංශයේ සේවකයන්, සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන්ට තහනම් පිරමිඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජාතික වශයෙන් දැනුවත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් අද (14) දිනයේ සිට ජූලි (18) වන දිනය දක්වා “අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් පැවැත්වීම තීරණය කර ඇත.
මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමී ව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳව පුළුල් වශයෙන් දැනුම්වත් කිරීම ජාතික වැඩසටහනේ ඉලක්කය වේ.
ඒ අනුව බිම් මට්ටමේ පුළුල් ආවරණයක් සහිතව ප්‍රජා සහභාගීත්වය සහනික කරමින් මෙමගින් දිවයින පුරා පාසල් 6,172 ක් සහ ග්‍රාම නිලධාරි කොට්ඨාශ 14,022 ක් ඔස්සේ ප්‍රධාන වශයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
තහනම් පිරමිඩ යෝජනා ක්‍රම වලට අදාළ නීතිමය ප්‍රතිපාදන, එවැනි ව්‍යාපාරවල ආකෘතියේ පවතින වංචනික ස්වභාවය හා ව්‍යුහය, පිරමීඩ යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමේ අවදානම් හා මූල්‍යමය ප්‍රතිවිපාක සහ වින්දිනයන්ගේ සත්‍ය ජීවන පුවත් හා වේදනාකාරී අත්දැකීම් යනාදිය පිළිබඳව මෙම සනීය පුරාම සහභාගිවන්නන් දැනුම්වත් කිරීම සිදු කරනු ලබයි.
2025 ජූලි 14, ප.ව. 5:23
2025 ජූලි 14, ප.ව. 5:20
2025 ජූලි 14, පෙ.ව. 10:17
2025 ජූලි 14, පෙ.ව. 9:52
2025 ජූලි 14, පෙ.ව. 12:14
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
13-07-25
13-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
11-07-25
11-07-25
11-07-25
11-07-25