hit counter

2025 පෙබරවාරි මස 20 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 03, ප.ව. 7:15



රුපියල් කෝටි ගණනක් වටිනා ඉන්ධන අස්ථාගත වීමේ සිද්ධියකට සම්බන්ධය බව පැවසෙන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් හොර රහසේ විදේශගතව ඇති බව වාර්තා වෙනවා.

ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පරීක්‍ෂණ පවත්වන ලද මහා පරිමාණ වංචා සිද්ධියක චූදිතයෙක් වනවා.

එම නිලධාරියා සහ ඛනිජ තෙල් සංස්ථාවේම පිරිපහදු අංශයේ උසස් නිලධාරීන් කීප දෙනෙක්ට ඉන්ධන බැරල් අස්ථානගත වීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.

මොවුන් පිරිස එකතු වී මෙරටට ආනයන කළ ඉන්ධන නෞකාවලින් රුපියල් කෝටි 900 කට ආසන්න වටිනාකමකින් යුත් ඉන්ධන බැරල් දහස් ගණනක් පිට කර ඇති බවට මේ සම්බන්ධයෙන් කළ අභ්‍යන්තර පරීක්‍ෂණයකින් ද අනාවරණය වෙනවා.