2022 අප්‍රේල් 18, ප.ව. 1:22
ලංකා IOC සමාගම ඉන්ධන මිළ ඉහල දැමීමත් සමඟ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා.
එම සංස්ථාව පවසන්නේ ඒ පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිළ ගණන් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.
සියලුම වර්ගයේ ඩිසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 75කින්.
ඒ අනුව IOC සමාගම අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338ක් වනවා.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 367ක්.
ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රුපියල් 289ක් වනවා. සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 327ක්.
2025 අප්‍රේල් 11, පෙ.ව. 9:38
2025 අප්‍රේල් 11, පෙ.ව. 9:03
2025 අප්‍රේල් 11, පෙ.ව. 12:26
2025 අප්‍රේල් 11, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 11, පෙ.ව. 12:19