hit counter

2026 ජනවාරි මස 25 වන ඉරිදා

2026 ජනවාරි 25, පෙ.ව. 10:01



“ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත උඹ බෲස්ලී නම්, මම මයික් ටයිසන්” යනුවෙන් පවසමින් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පසුගියදා මාතර පැවති ප්‍රසිද්ධ ජන රැස්වීමකදී අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තට ආභියෝගයක් එල්ල කළා. ඒ අමාත්‍යවරයා මෑතකදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරක් වශයෙන්.

“ලාල් කාන්ත කියනවා අපි බෲස් ලී වගේ ෆවුල් ෂොට් ලු ගහන්නේ. ලාල් කාන්ත උඹ බෲස් ලී නම් මම මයික් ටයිසන්. දෙකයි දෙන්නේ බිම ඇදගෙන වැටෙන්න. චාමරගෙන් දෙකක් කෑවොත් ලාල් කාන්ත බිම ඇදගෙන වැටෙනවා.
බෲස්ලී වගේ නෙවෙයි කෙලින්ම හොම්බට දෙන්නේ,” ඔහු පැවසුවා.

තමන්ද 88-89 භීෂණ සමයේ දේශපාලනයේ නිරත වූ අයෙකු බවත්, එම ක්‍රමවේදයන් පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

මාතර දිස්ත්‍රික් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිබඳව අදහස් දක්වමින් චාමර සම්පත් පැවසුවේ, ඔහු කවදා හෝ රටේ මුදල් ඇමතිවරයෙකු හෝ ජාතික නායකයෙකු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බවයි. එහෙත්, අද වන විට කර්මාන්ත අමාත්‍යාංශය පවා පවත්වාගෙන යාමට නොහැකි වී සියලු කටයුතු අඩපණ වී ඇති බව ඔහු චෝදනා කළා.

තමන්ට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට නොහැකි බව පාර්ලිමේන්තුවේදී විවෘතව පැවසූ එකම පුද්ගලයා තමන් බවත් ඔහු ප්‍රකාශ කළා. අනෙක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බොරුවට ඉංග්‍රීසි දන්නා බව පෙන්වීමට උත්සාහ කරන බව ඔහු පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: