hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 ජූනි 05, පෙ.ව. 12:10



මේ වන විට අත ගහන ගහන වැඩේ අනා ගන්නා ආණ්ඩුව රට පාලනය කරන්නේ අල්ලස් කොමිසමේ පිහිටින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

“ආණ්ඩුවට ඉතිරි වෙලා තියෙන්නේ Bribery සරණං ගච්ඡාමි විතරයි. එගොල්ලෝ උදේට එකෙක් අල්ලං ඇවිත් වැලිකඩට හරි මැගසිං එකට හරි දානවා. ආයේ එළියට ගන්නවා. ආයේ සතියකින් දානවා. අපි බලමු. හැමදාම ඔය නත්තල් නෑ.

කැරම් බෝඩ් බෙදපු එවුන් අවුරුදු 20ට 25ට හිරේ යනවා නම් රිලා ඇමති අවුරුදු 40කට හිරේ දාන්න ඕන. ලක්ෂ 100ක් විතර වියදම් කළා. රිලවෙකුට අඹ ගෙඩියක් ආප්පයක් අරන් දුන්නේන් නෑ. ඒකෙන් ප්‍රතිඵලයකුත් නෑ. ඒ රජයේ සල්ලි. ඒකට නඩුවක් දැම්මොත් රිලා ඇමතිට අවුරුදු 40ක සිරදඬුවම් දෙන්න ඕන.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: