hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 02, පෙ.ව. 12:02



සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් අපේක්ෂිකා චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය සම්බන්ධයෙන් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු අපේක්‍ෂක කේ.ඩී. ලාල්කාන්ත මහතා කළ අපහාසාත්මක ප්‍රකාශය හෙළා දකින බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු අපේක්ෂකා ලිහිණි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

කාන්තාවක් සම්බන්ධයෙන් ලාල්කාන්ත මහතා කළ පහත් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් ඇය පැවසුවාය.

මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින චමින්ද්‍රානි විසින් ඇලවූ පෝස්ටරයක් ​​සම්බන්ධයෙන් ලාල්කාන්ත අපහාසාත්මක ප්‍රකාශයක් කර ඇතැයිද ඇය කියයි.

ජාතික ජන බලවේගය ස්ත්‍රීවාදී දේශපාලනය සහ කාන්තාවන්ගේ ගරුත්වය ගැන කතා කරමින් සිදු කරන මෙවැනි ප‍්‍රකාශයන් අනුමත කරනවාදැයි විමසන බවත් ඇය පැවසුවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: