hit counter

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා

2025 පෙබරවාරි 07, ප.ව. 12:50



ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙවෙයි දුෂිත වෙලා තියෙන මානව සමාජයත් පිරිසිදු කරන වැඩසටහනක් බවත් එමගින් මහ ජනතාවගේ සාරධර්ම සහ ගුණ යහපත්කම් වර්ධනය කර ගත හැකි බවත් සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න පවසනවා.

ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කලේ සබරගමු පළාත් මධ්‍ය පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ (06) පැවති රත්න ශ්‍රි සමඟ සේකර ආයෙමත් කියවමු සාහිත්‍යය වැඩසටහනට සභාගී වෙමිනි.

එහිදී ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවා.

සාහිත්‍ය අධ්‍යන කරන්න ඕන.එතකොට අපේ මානසික සංවර්ධනය ඇති වෙනවා. ඒ මගින් මේ සාමාජය ඉතාමත් යහපත් වෙනවා. ඒ නිසා මා සාහිත්‍ය වැඩසටහන් සඳහා විශාල සහයක් දෙනවා. කුඩා දරුවන් විශේෂයෙන් අපි සාහිත්‍ය කලාව දෙසට යොමු කරන්න ඕන. ජාතික ජන බලවේ⁣ගේ ආණ්ඩුව විසින් සිදු කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනත් ඒ වගේ තමයි. මේ දුෂිත මානව සමාජය පිරිසිදු කරන වැඩ සටහනක්. මනාව සමජයේ නැතිවෙලා ගිහින් තියෙන සාරධර්ම ගුණයහපත් කම් අපි නැවත මතු කර ගන්න ඕන. එම ගුණයහපත්කම් ලගා කරන්න නම් අපි සාහිත්‍ය කලාව ඇසුරු කරන්න ඕන.. ඒ නිසා ක්ලීන් ශ්‍රි ලංකා කියන්නේ පරිසරය විතරක් පිරිසිදු කරන වැඩක් නෙවෙයි දූෂිතව වු මානව සමාජයත් පිරිහිදු කරන වැඩක්. අන්න ඒ නිසයි අපි සාහිත්‍ය කලා වැඩ සටහන් පවත්වන්න ඕන.. ඒ සඳහා පුර්ණ සහය ආණ්ඩුකාරවරිය වශයෙන ලබා දෙනවා.