hit counter

2025 මැයි මස 16 වන සිකුරාදා

2024 ජූනි 23, ප.ව. 2:15



ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචි පිළියන්දල වෑවල ක්‍රේම්බිජ් කෝට් නිවාස සංකීර්ණයේ ප්‍රදාන දොරටුව අසලට 20/06/2024 වන දින නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු රාත්‍රීයේ පැමිණ ඊට ඇතුල් වීමට උත්සාහ දැරූ පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කල අද වන විට දින 02ට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.

මීට ප්‍රථමද අවුරුදු දෙක හා මාරකට ප්‍රථම මෙම නිවාස සංකීර්ණයටම ඇතුලත් වී ඔහුගේ නිවසට නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කල අතර, අද වන තුරු මෙම ප්‍රහාරය සිදු කල පුද්ගලයින් සම්බන්දයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් පොලීසියට අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

මෙම සිද්ධිය සැල වූ විගසම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, පිළියන්දල පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු අරභා ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී පිළියන්දල පොලීසිය විසින් මෙතෙක් කිසිදු CCTV දර්ශන පරීක්ෂා කිරීමක් කර නොමැති බවත්, ඔහු පදිංචි නිවාස සංකීර්ණයට ඇතුල් වූ යතුරුපැදිකරු හදුනා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ නිවසට මීට ප්‍රථම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, පොලිස් කණ්ඩායම් හතරක් විසින් පරීක්ෂණ පවත්වන බවයි.

නමුත්, මෙම සිද්ධිය වූ අවස්ථාවේදී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ, මේ සම්බන්ධව පිලියන්දල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

පළවෙනි පැමිණිල්ලද දෙවනි සිදු වීමද , සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තුමේන්තුව ක්‍රියාකරනු ලබන්නේ අපරාධකරුවන් සොයා ගැනීමට නොව අදාල CCTV දර්ශන වල කාලය ඉකුත් වී මැකී ගිය පසු පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට දැයි සැකයක් මතුවේ.