2026 පෙබරවාරි 20, ප.ව. 5:17
බාල ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන සියයක් නැතහොත් රුපියල් කෝටි දසදහසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී .චානක අද(20) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල් තැබීමේ අවස්ථාවේ විවාදයට සහභාගී වෙමින්.
එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙම බාල ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමට විෂය භාර අමාත්‍යවරයාට එම ගිවිසුම අනුව ඕනෑ තරම් ප්‍රතිපාදන තිබුණත් එය අවලංගු නොකිරීම බරපතළ කාරණයක් බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූවේ,
“ගල් අඟුරු නෞකා දෙකක් නොපැමිණියහොත් මෙම ගිවිසුම අවලංගු වන බව එම ගිවිසුමෙහි සඳහන් වනවා. දෙසැම්බර් මාසයේ පැමිණියේ එක නැවයි. ජනවාරි මාසයේ පැමිණියේ නැව් හතරයි. පෙබරවාරි මාසයේ දැනට ඇවිල්ලා තියෙන්නේ නැව් හතරක් පමණයි. එතකොට මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ නැව් අටයි. හරි නම් නැව් පහළොවක් එන්න ඕන. ඒක නිසා මේ නැව් ප්‍රමාද වීමෙන් පමණක් රුපියල් බිලියන 31ක පාඩුවක් සිදුවෙලා තියෙනවා.”
එහිදී ඔහු පැවසුවේ දැනට මෙම බාල ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් රුපියල් කෝටි හත්දාස් පන්සියයක පාඩුවක් සිදුවී ඇති බවත් එය රුපියල් කෝටි දස දහස දක්වා වැඩිවන බවත් ය.
එමෙන්ම පාඩු වු මෙම මුදලින් රටේ සෑම ගොවි මහතෙකුටම රුපියල් 40ක මුදලක් හැම වී කිලෝ එකකටම ලබාදීමට හැකියාව තිබූ බවත් සුහුරු පන්ති කාමර හතර බැගින් රටේ සෑම පාසලකටම ලබාදීමට හැකියාව තිබූ බවත් මුළු රටේම මාර්ග කිලෝමීටර් හත්දාස් පන්සීයක් කාපට් කිරීමට හැකියාව තිබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඊට අමතරව ඩී.වී. චානක මහතා සඳහන් කළේ මෙම බාල ගල් අඟුරු සිද්ධිය නිසා රටට සිදුවූ අලාභය රුපියල් කෝටි දස දහසක් බවත් එය පියවා ගැනීම සඳහා 10%කින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බවත් ය.
එම 10% යනු හරියටම රුපියල් කෝටි දස දහස නිසා ආණ්ඩුවේ සූදානම ඉතා පැහැදිලි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
2026 පෙබරවාරි 20, ප.ව. 5:44
2026 පෙබරවාරි 20, ප.ව. 12:20
2026 පෙබරවාරි 20, පෙ.ව. 11:24
2026 පෙබරවාරි 20, පෙ.ව. 10:45
2026 පෙබරවාරි 20, පෙ.ව. 9:12