hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 27, ප.ව. 2:04



චන්ද්‍රපාල ලියනගේ මහතා ජාතික සංවර්ධන ක්‍රියාවලියට සන්නිවේදනමය හා දේශපාලනිකව රාජ්‍ය සේවකයෙකු ලෙස දැක්වූ දායකත්වයට හරසර දක්වමින් කථිකාවතක් සංවිධානය කර තිබෙනවා.

ගම සංවර්ධනය පිළිබඳ නවමු ප්‍රවේශයක කථිකාවත “රටක් වටින ගමක් හදමු“ නමින් සංවිධානය වන මෙය 28 වන දින සවස 3.30ට පදනම් ආයතනයේදී පැවැත්වෙනවා.

මෙහි මුඛ්‍ය දේශනය ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ හා විශ්ලේෂක කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ විශ්‍රාමික මහාචාර්ය ගාමිණී අල්විස් මහතා විසින් සිදු කරනවා.

මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමනී වලේබොඩ, ව්‍යවසායක දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ විසින් සංවාද මණ්ඩපයේදී අදහස් දක්වනවා.