hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2023 අගෝස්‍තු 31, ප.ව. 4:05



රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා රැදී සිටි නිල නිවසෙන් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව යලි සලකා බලන මෙන් ඒ මහතාගේ නීතිඥවරු මෝසමක් මගින් කරුණු දක්වමින් ඉල්ලා සිටි අවස්ථාවේදී නඩුව සැප්තැම්බර් 19 දින යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා.

මානව හිමිකම් කොමිසම විසින් ලබාදුන් තීන්දුවකට අනුව මන්ත්‍රීවරයා අදාළ නිල නිවසේ රැඳී සිටි බවත්, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැදී නොසිටි බවත් නිතිඥවරු පෙන්වා දුන්නා.

ඒ අනුව ගරු අධිකරණය කරුණු සලකා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොතීසි නිකුත් කරන ලදි.

චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කරන අතර දැනට රැදී සිටින නිවස සඳහා අදාල බදු කුලියද නිසි පරිදි ගෙවා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන වෙනුවෙන් නීතිඥ RAP රණවක, දිනේෂ් ගොඩගම ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියා.