hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 20, පෙ.ව. 12:11



නොසැලකිලිමත්කම, නොදැනුවත්කම සහ උද්දච්චකම යන කුළුණු ත්‍රිත්වය මත වත්මන් රජය රඳා පවතින බවත්, දිට්වා සුළි කුණාටුව සිදුවූ කාල වකවානුව තුළ මෙම කුළුණු ත්‍රිත්වය විසඳා ගැනීමට අවස්ථාව තිබූ බවත්, හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඉරානයට ඇමෙරිකාව විසින් ප්‍රහාර එල්ල කිරීමට පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ කළත්, පසුගිය මාර්තු 8 වැනිදා රජය විසින් සංවිධානය කළ කාන්තා දින සැමරුමට දහස් ගණනක් බස් රථ කොළඹට ගෙන්වීමෙන් විශාල ඉන්ධන ප්‍රමාණයක් සහ විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කර ඇති බවත්, ඔහු චෝදනා කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“නොසැලකිලිමත් කමයි, නොදැනුවත් කමයි, උද්දච්චකමයි. මේ තුනෙන් තමයි යන්නේ. දිට්වා ප්‍රශ්නය ආපු වෙලාවේ මේ තුනම විසඳගන්න හොඳටම අවස්ථාව තිබුණා. හැබැයි ඒගොල්ලෝ කළේ නෑ . මේකට ආසන්නම කාරණය තමයි මේ QR කේතය පිළිබඳ ප්‍රශ්නය. ඒගොල්ලෝ කොච්චර නොදැනුවත්ද කියනවනම්, කොච්චර නොසැලකිලිද කියනවා නම්, ඉරානයට ඇමෙරිකාව ගහන්න ගත්තේ පෙබරවාරි 28. ලෝක කාන්තා දිනය තිබුණා මාර්තු 8. ලංකාවේ අනිත් සියලුම දේශපාලන පක්ෂය සමරු උත්සව තමයි තිබුණේ මාර්තු 8 වෙනිදා. මේගොල්ලෝ මොකද කරේ? බස් සිය ගණනක් දාලා දහස් ගාණක් කොළඹට ගෙනාවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා හාන් කවිසියක හරි තේරුමක්, අවබෝධයක්, දැනුවත්කමක් තිබුණනම් මේ තකතීරු ගොං වැඩේ කරනවද? දහස් ගාණක් කොළඹට ගෙනල්ලා මාර්තු 8 වෙනිදා, පෙබරවාරී 28 ප්‍රශ්නය පටන් ගත්තට පස්සේ ඒකට මොන තරම් වියදමක් කරලා මොන තරම් ඉන්ධන වැය කරලා මොන තරම් වැරදි ආදර්ශයක්ද දුන්නේ? එක පාර ඔන්න ප්‍රශ්නය එනවා කියලා ගිය සෙනසුරාදා දැනුනම ඉරිදා උදේ 6 ඉදන් QR කෝඩ් එක දැම්මා. ඒක වැඩ කරනවද කියලා බැලුවෙත් නෑ. නැද්ද කියලා බැලුවෙත් නැහැ. අදටත් අලුතෙන් රෙජිස්ටර් කරපු වාහනවලට QR කෝඩ් එක ලබාගන්න බැරිවෙලා තියෙනවා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: