hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 මැයි 10, පෙ.ව. 10:45



ප්ලාස්ටික් සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ ලෙස ගැටලු ඇති කරන බැවින්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන, අලෙවිය සීමා කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුවී තිබෙනවා.

ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදන සහ අලෙවිය සීමා කිරීම සම්බන්ධව එම අධිකාරියේදී සාකච්ඡා කීපයක්ම පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සෙල්ලම් බඩුවල ප්ලාස්ටික්වලට අමතරව බැර ලෝහ අඩංගු විවිධ තීන්ත වර්ගද අන්තර්ගත බව මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා සරෝජනී ජයසේකර මහතා පෙන්වා දුන්නා.

ශූද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිවන බැවින්, දරුවන්ට ලී වලින් තැනූ සෙල්ලම් බඩු ලබාදීමට දෙමාපියන් සැලකිලිමත් වීම වැදගත් බවද ඇය කියා සිටියා.